ශ්‍රී ලංකා

ධනයට නොව ශ්‍රමයට තැන.

අපක්ෂපාතී ශ්‍රී ලංකාවක් කරා ප්‍රගතිශීලී ගමන් මඟ

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට මූලික වශයෙන් හේතු වී ඇත්තේ රට තුළ පවතින දූෂණය, දුර්වල පාලනය සහ වැරදි කළමනාකාරීත්වයයි. කෙසේ වෙතත් දෝෂ සහිත ගෝලීය පද්ධති, ආයතන සහ ගිවිසුම් ආදියෙන්ද ඊට රුකුල් ලැබී තිබේ.

 

ණය වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටීමේ අපගේ මූලික උත්සාහයන් මත පදනම්ව, IPE අනෙකුත් දේශීය මෙන්ම ගෝලීය මට්ටමේද ප්‍රචාරකයන් සමඟ එක් වෙමින් සිටින්නේ, අසාධාරණ ගෝලීය ආර්ථික පටිපාටියකින්  ඇතිවන අවදානම අවම කිරීම සඳහා සුදුසු විකල්ප සෙවීමට ය.

 

පුරවැසියන්ගේ සහ පරිසරයේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට සහ අපක්ෂපාතී, සාධාරණ ජාතියක් ගොඩනැගීම උදෙසා කටයුතු කිරීමට ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් සම්බන්ධ විය යුතුය. 

 

එබැවින් අපගේ දැක්ම සහ අවධානය රට අභ්‍යන්තරයට මෙන්ම බැහැරටද යොමුවිය යුතුව ඇත. ගෝලීයකරණය වූ ලෝක ආර්ථික පටිපාටිය තුළ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආයතන හා රජයන් හැසිරෙන අන්දම පිළිබඳව අප වඩාත් සුපරික්ෂාකාරී වීම අත්‍යවශ්‍ය වේ. 

හදිසි වෙනසක් අවශ්‍ය වන්නේ ඇයි:

international, banner, flag-2657359.jpg
  • ගෝලීයව පවතින උතුරු-දකුණු භේදය අවසන් කිරීමට
  • ගෝලීය අසමානතාවය විසින් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම අවම කිරීමට
  • ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට තිරසාර විසඳුම් ලබා ගැනීමට
  • දුෂ්කරතාවන්ට මුහුණ දෙන ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට
  • ගෝලීය ආයතන ප්‍රජාතන්ත්‍රවාදී කිරීමට 
  • දේශීය මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීමට
  • වඩාත් සාධාරණ ගෝලීය මූල්‍ය සැකැස්මක් උදෙසා කටයුතු කිරීමට
  • නව ගෝලීය පටිපාටියක් ගොඩ නැගීමට

තේමා

ණය යුක්තිය

ශ්‍රී ලංකාවේ නින්දිත ණය අවලංගු කරන ලෙස ඉල්ලා සිටීම

නීති විරෝධී මූල්‍ය ප්‍රවාහ

ශ්‍රී ලංකාවෙන් පිටවන අයථා මූල්‍ය ප්‍රවාහයන් පිළිබඳ පූර්ණ විනිවිදභාවයක් ඉල්ලා සිටීම

සොරාගත් වත්කම් ප්‍රතිසාධනය

විදේශයන්හි පවතින ශ්‍රී ලංකාවෙන් සොරාගත් වත්කම් ආපසු ලබාදෙන ලෙස ඉල්ලා සිටීම

ඉදිරි දැක්ම

අසාධාරණ ගෝලීය ආර්ථිකය

ගෝලීය ආර්ථික පටිපාටියේ අසම්පූර්ණ බව පිළිගෙන, ප්‍රධාන අවදානම්වලින් ආරක්ෂා වීමෙන් දේශීය ආර්ථිකයට එල්ල විය හැකි අවදානම අවම කිරීම.

තිරසාර උපාය මාර්ග

පවතින තත්ත්වයට අභියෝග කර, මිනිසුන්ගේ සහ පරිසරයේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා විකල්ප ප්‍රතිපත්ති තෝරා ගැනීම.

ලිංගභේදාත්මක ඉදිරි දැක්ම

ණය අර්බුදයේ බරෙන් වැඩි කොටසක් ඉසිලීමට සිදුව ඇති වැඩ කරන කාන්තාවන්ගේ දුක්ඛිත ඉරණම පෙන්වා දීම. නොසැලකිලිමත් ණය හිමියන්ගේ නාස්තිකාර පිළිවෙත් වෙනුවෙන් ඔවුන් වන්දි ගෙවිය යුතු නැත.

IPE පිළිබඳව

ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථිකය සඳහා වන ආයතනය (Institute for Political Economy – IPE), යනු ආර්ථික ප්‍රතිපත්ති සහ සංවර්ධනය පිළිබඳ විවේචනාත්මක  විශ්ලේෂණාත්මක පර්යේෂණ ඉගැන්වීමේ සහ බෙදා හැරීමේ නියැළී සිටින ප්‍රගතිශීලී ගෝලීය විද්වතුන්, ආර්ථික විද්‍යාඥයන් සහ වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් ජාලයකි. එය  මගින් වාද විවාද අවුලුවන අන්දමේ කැලඹිලි සහගත ගෝලීය ආර්ථිකයක් තුළ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරනවිට, ශ්‍රී ලංකාවේ ජනගහනය සහ එහි රජය අතර ඇති සම්බන්ධය අධ්‍යයනය කරනු ලබයි.

 

ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන ධාරාවේ ප්‍රතිපත්ති විවේචකයන් සහ චින්තකයන් වර්ධනය කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතී. IPE කැප වී සිටින්නේ වර්තමානයේ පවතින අසමානතාවය ගැන සාකච්ඡා කිරීමට, විමර්ශනය කිරීමට සහ ප්‍රශ්න කිරීමට ය; අපට අවශ්‍ය කාරණාවට අදාළ ප්‍රශ්න ඇසීමටය. අපගේ අභිලාෂය වන්නේ සහයෝගීව වර්ධනය වීම සහ පවතින ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් පෙනී සිටීමට උත්සාහ කරනා ගෝලීය විවාදයන් පිළිඹිඹු කරන විශේෂඥ දැනුම ලබා ගැනීමය. අප පවතින අසමානතා පිළිගනු ලබන්නේ ප්‍රගතිශීලී, සමානාත්මක සහ ප්‍රජාතන්ත්‍රවාදී දිශාවකට ආර්ථික ක්‍රියාවලීන් සාමූහිකව යොමු කිරීමේ අරමුණක් ඇතිව ය.

එබැවින් IPE හි අරමුණු වන්නේ:

  • ප්‍රගතිශීලී ප්‍රතිපත්ති සහ අදහස් නිදහසේ සහ ස්වාධීනව සාකච්ඡා කළ හැකි වේදිකාවක් සැපයීම
  • ගෝලීය නව ලිබරල් ආර්ථික ආකෘතියට අභියෝග කිරීම සහ එයින් අත්වන හානිකර ප්‍රතිවිපාක පිළිබඳව දැනුවත්භාවය පැතිරීම.
  • ලොව පුරා විශේෂඥයින්ගෙන් සහ සාක්ෂිවලින් සහයෝගය ලැබෙන, පුද්ගල-කේන්ද්‍ර විකල්ප ප්‍රතිපත්ති විසඳුම් ලබාදීම 
  • ප්‍රතිපත්ති සම්පාදකයන්, මහජනතාව, ව්‍යාපාර සහ සිවිල් සමාජය දැනුවත් කිරීම
  • මහජන විවාද දිරිමත් කිරීම සහ අදහස් හුවමාරු කර ගැනීමට පහසුකම් සැලසීම
  • ප්‍රතිපත්ති සහ රාජ්‍ය වැඩසටහන්වල බලපෑම් අධීක්ෂණය සහ ඇගයීම
  • ජාත්‍යන්තර සංවිධාන සමඟ පෙළගැසීම

දේශපාලන ආර්ථිකය සඳහා වන ආයතනය සබ්ස්ක්‍රයිබ් කරන්න.